බෝම්බ බියක් හේතුවෙන් ගුවන් ගමනක් අවලංගු කෙරේ

බෝම්බ බියක් හේතුවෙන් ගුවන් ගමනක් අවලංගු කෙරේ

අද (28) අලුයම ඉන්දියාවේ නවදිල්ලි නුවර – ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපලෙන් දිල්ලි සිට වරණාසි බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයක බෝම්බයක් ඇති බවට ලද තොරතුරක් මත එම ගුවන් යානය හදිසි පරීක්ෂාවකට ලක්කර තිබේ.

මෙසේ පරීක්ෂාවකට ලක්කර ඇත්තේ, ඉන්දියාවේ විශාලම ගුවන් සේවය වන ඉන්ඩිගෝ ගුවන් සේවය ට අයත් ගුවන් යානයකි.

උදෑසන 5.30 ට පමණ මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, එහිදී ගුවන් යානයේ සිටි සියලූම මගීන් හදිසි පිටවීමේ දොරටු මඟින් පිටතට ගැනීමට ගුවන් තොටුපළ බලධාරීන් කටයුතු කර ඇති බවයි, එරට මාධ්‍ය වාර්තා කළේ.

ගුවන් යානය ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපොළෙන් ගුවන්ගතවීමට සූදානම් වනවාත් සමග ගුවන්තොටුපොළ ආරක්ෂක අංශවලට ඒ පිලිබඳ දැනගන්නට ලැබී ඇති අතර එම අවස්ථාවේදී යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් ද ඇතුළු 176 දෙනකු සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේවෙතත් ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ සහ බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායම් පැමිණ යානය හිස් කර, එහි සෑම අස්සක් මුල්ලක්ම සෝදිසි කළ නමුත් පුපුරන ද්‍රව්‍ය කිසිවක් හෝ බෝම්බයක් හෝ සොයාගැනීමට නොහැකි වී ඇති බවයි, එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

Share This