මඩකලපුව වෙරළට ගොඩගැසූ අමුතු බෝට්ටුව

මඩකලපුව වෙරළට ගොඩගැසූ අමුතු බෝට්ටුව

මඩකලපුව, වාකරේ කොට්ඨාශයේ පාල්චේනයි වෙරළ තීරයට ඔරුවක් ලෙස සැලකෙන දැවැන්ත පාරුවක් ඊයේ (31) පස්වරුවේ ගොඩගසා තිබේ.

උණ බම්බුවලින් ඉදිකර ඇති මෙම බෝට්ටුවේ ඉංග්‍රීසි බසින් මියන්මාරය ලෙස දැක්වෙන අතර එම රටේ ජාතික ධජය ලෙළදී ඇති බැවින් එම රටට අයත් විය හැකි බවට ප්‍රදේශවාසීන් විශ්වාස කරයි.

බෝට්ටුවේ ඉවුම් පිහුම් උපකරණ සහ සමහර ආහාර ද්‍රව්‍ය මෙන්ම දර උඳුනක පිසීමේ සලකුණු ද සොයාගත හැකිව තිබේ.

ලද තොරතුරක් මත වාකරේ පොලීසිය සහ නාවික හමුදා නිලධාරීන් බෝට්ටුව වෙත ගොස් පරීක්ෂණ පවත්වා ඇත.

ත්‍රිකුණාමලයේ වෙරළාසන්න ප්‍රදේශයේ තවත් එවැනිම පාවීමක් ගොඩට ගසා ගෙන ඇත.