කොස්තාපල්ගේ ගිනි අවිය පත්තු වී සැරයන්ගේ අතකට සහ කකුලකට තුවාල

කොස්තාපල්ගේ ගිනි අවිය පත්තු වී සැරයන්ගේ අතකට සහ කකුලකට තුවාල

බියගම පොලිස් ස්ථානය තුලදී කොස්තාපල්වරයකු අත රැඳි ටී 56 ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් සැරයන්වරයකුගේ පාදයකට හා අතකට තුවාල සිදුව ඇතැයි පොලිසිය පවසයි.

පොලිස් කොස්තාපල්වරයකු රාජකාරි සඳහා පිටව යාමට පෙර චෝදනා ගාරය තුළදී ටී 56 ගිනි අවියක් ලබාගෙන ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීමට යාමේදී අත්වැරදීමකින් ක්‍රියාත්මක වී උන්ඩ තුනක් පිට වී ගොස් ආරක්ෂක පෙට්ටිය ද සිදුරු කර පරිගණක කාමරයේ සිටි පොලිස් සැරයන්වරයකුගේ ශරීරයේ වැදී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

වෙඩි ප්‍රහාරය සැරයන්වරයාගේ වම් අතට සහ වම් කකුලට වැදී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කීය. වෙඩි වැදීමෙන් ආරක්ෂක පෙට්ටියට ද අලාභ සිදු වී ඇත.

සැරයන්වරයා පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගෙන ඇති බව එම නිලධාරියා කීය.

Share This