නිතී විරෝධීව මෙරටට රැගෙන ආ උරගයින් – පක්ෂින් සමග 05ක් අල්ලයි

නිතී විරෝධීව මෙරටට රැගෙන ආ උරගයින් – පක්ෂින් සමග 05ක් අල්ලයි

බහුදින යාත්‍රාවකින් මෙරටට නීති විරෝධී ලෙස රැගෙන එමින් තිබු උරගයින් හා පක්ෂීන් විශාල සංඛ්‍යාවක් නාවික හමුදා බුද්ධී තොරතුරක් මත ශ්‍රී ලංකා වෙරළාරක්ෂක සුරක්ෂා නෞකාව බාරයට ගෙන තිබේ.

ඒත් සමග අවුරුදු 34 හා 67 වසස් වල පසුවන මීගමුව හා කොච්චිකඩේ ධීවරයින් පස් දෙනකු ද අත්අඩංගුවට ගත බව නාවික හමුදාව පැවසීය.

බහුදින යාත්‍රාව තුළ ආරක්‍ෂිතව පෙට්ටි තුල සගවා රැගෙන එමින් තිබු පිඹුරන් 13 දෙනෙකු, තලගොයකු, විශාල ඉබ්බේකු සමග ගිරවුන් තිදෙනෙකුද නාවික හමුදා බාරයට ගෙන තිබිණි.

දිර්ඝ විමර්ශන වලින් පසුව දකුණු මුහුදු තිරයේදී මෙම බහුදින යාත්‍රාව හා සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට හැකිව ඇත.

අත්අඩංගුවට ගත් උරගයින් හා පක්ෂීන් ශ්‍රී ලංකාවට ආවේනික නොවන බවට ගාල්ල වරායට රැගෙන ආ මෙම සතුන් පරික්ෂා කල වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිළධාරීන් විසින් සනාථ කර ඇත.

අදාල උරගයින්, පක්ෂීන් හා ධීවරයින් බහුදින යාත්‍රාව සමග ඉදිරි පරික්ෂණ සදහා හික්කඩුව වනජීවි කාර්යාලයට භාර දීමට නාවික හමුදාව කටයුතු කර ඇත.