
ඝාතන සඳහා යතුරුපැදි සැපයූ දෙන්නෙක් අල්ලයි
විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ උපදෙස් මත ඝාතන සඳහා යතුරු පැදි සැපයූ එගොඩ උයන පොල් කට්ටා සහ තවත් පුද්ගලයෙකු ව්‍යාජ අංක තහඩු ආදායම් බලපත්‍ර රක්ෂණ සහතික සහ හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
එම සැකකරුවන් සමග ව්‍යාජ අංක තහඩු හයක්, ව්‍යාජ ආදායම් බලපත්‍ර තුනක්, ව්‍යාජ රක්ෂණ සහතික තුනක්, ජංගම දුරකථනයක් හා යතුරුපැදියක් සහ හොරයින් මත්කුඩුගෑම් 15 ක්ද පොලිස් භාරයට ගෙන ඇත.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශනාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක අලහකෝන් මහතා වෙත ලද තොරතුරකට අනුව මොරටුව ශාන්ත රීටා පාරේදී අත්අඩංගුවට ගත් එගොඩ උයන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7 කාලයකට රැඳවුම් නියෝග ලබාගෙන සිදුකළ දීර්ඝ විමර්ශනවලදී විදේශ ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන තරංග නමැත්තාගේ උපදෙස් මත විවිධ අපරාධ සඳහා යතුරුපැදි සොරාගෙන කටුකුරුන්ද ප්‍රදේශයේ සිටින තවත් පුද්ගලයකුගේ සහයෝගය ඇතිව ව්‍යාජ අංක තහඩු සවිකර ලබා දෙන බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි.