යතුරු පැදි උස්සන පවුලේ ජාවාරමක් වටලයි

යතුරු පැදි උස්සන පවුලේ ජාවාරමක් වටලයි

මහමග නවත්වා තිබෙන යතුරුපැදි සොරාගෙන ගොස් කැබලි කර විකිණීමේ ජාවාරමක නිරත වූ කාන්තාවක ඇතුළු එකම පවුලේ පුද්ගලයන් පස් දෙනකු සොරා ගත් යතුරුපැදි හයක්, කැබලි කළ යතුරුපැදි අමතර කොටස් තොගයක් සමගින් අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මුල්ලේරියාව ගල්වලමුල්ල ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සිව් දෙනකු සහ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

නවගමුව මල්වාන හන්දිය ප්‍රදේශයේ නවතා තිබූ යතුරුපැදියක් තරුණ යුවළක් විසින් සොරාගෙන ගොස් හංවැල්ල ප්‍රදේශයේ සඟවා තබා තිබියදී සොයා ගත් පොලිසිය ඒ අනුව සොයා ගත් කරුණු මත වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත