ලංකා කම්කරු කොන්ග්‍රස් උප සභාපති දමිල ප්‍රගතිශීලි සන්ධානය සමග එක්වෙයි

ලංකා කම්කරු කොන්ග්‍රස් උප සභාපති දමිල ප්‍රගතිශීලි සන්ධානය සමග එක්වෙයි

ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක සහ උප සභාපති වශයෙන් කටයුතු කල භාරත් අරුල්සාමි මහතා දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා සභාපති වශයෙන් කටයුතු කරන ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණ සමග එක් වී ඇත.

භාරත් අරුල්සාමි මහතා මානව සම්පත් භාරයේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කර ඇති අතර, ලංකා කම්කරු කොන්ග්‍රසයේ හිටපු පා.ම දිවන්ගත එස්.අරුල්සාමි මහතාගේ පුත්‍රයාද වෙයි.

ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණ සමග එක් වු භාරත් අරුල්සාමි මහතා දමිල ප්‍රගතිශිලි සන්ධානය යටතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කිරිමට නාම යෝජනා භාර දිමට නියමිත බවයි, දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නිලධාරියෙකු කියා සිටියේ.