ඊශ්‍රායල අගමැති බෙන්ජමින්ගේ නිවස ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාරයක්

ඊශ්‍රායල අගමැති බෙන්ජමින්ගේ නිවස ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාරයක්

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් විසින් ලෙබනනයේ සිට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ සිසේරියා ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවස ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පුපුරන ද්‍රව්‍ය ඇටවූ එම ඩ්‍රෝන යානයට ඊශ්‍රායල හමුදාව පහර දී ඇති අතර, එම ප්‍රහාරයෙන් හානි වූ යානය නිවසේ හැපුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා නිවසේ සිට නොමැති අතර ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නොමැති බව ද අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර ඇත.

ලෙබනනයේ සිට ඩ්‍රෝන ප්‍රහාර 03ක් දියත් කර ඇති අතර ඉන් 02ක් මැඩපැවැත්වීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ කටයුතු කර ඇත.

ප්‍රහාරය කුමන පාර්ශ්වයක් විසින් එල්ල කළේ ද යන්න පිළිබදව මෙතෙක් ප්‍රකාශ කර නොමැත.