බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට තවත් සැකකරුවෙක් අල්ලයි

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට තවත් සැකකරුවෙක් අල්ලයි

අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා ඇතුළු 5 දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් විසින් හබරාදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මිනී මැරීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත සැකකරු ඊයේ (04) අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 28 වන කටුදම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බෙලිඅත්ත පොලිසිය වෙත භාරදී ඇති අතර බෙලිඅත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

Share This