බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයට සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට

බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයට සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට

බෙලිඅත්ත දක්ෂිණ අධිවේගී මාර්ගය අසලදී අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙකු ඝාතනය කිරීමෙන් අනතුරුව ඝාතනයට යොදාගත් ගිනි අවි දෙක ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව හක්මන පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 23 හා 33 වන බූස්ස ප්‍රදේශයේ පදිංචිකාරියන් බවයි, පොලිසිය පැවසුවේ.

ඊයේ (29) උදෑසන හක්මණ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් රත්ගම ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකින් අනතුරුව මෙම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධය සිදුකිරීමෙන් අනතුරුව එක් සැකකාරියකට අයත් යතුරුපැදියකින් ඝාතනයට යොදාගත් ගිනි අවි දෙක කරා පිටියේ සිට බූස්ස ප්‍රදේශය දක්වා ප්‍රවාහනයකට ඇති බව පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර හක්මණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

Share This