බටලන්ද වාර්තාව පිළිබඳ විවාදය අද

බටලන්ද වාර්තාව පිළිබඳ විවාදය අද

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (10) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ උදෑසන 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුවයි.

බටලන්ද නිවාස සංකීර්ණය තුළ නීතිවිරෝධීව රඳවා ගැනීමේ ස්ථාන හා වධකාගාර පිහිටුවීම මෙන්ම ඒවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ වාර්තා, එහිදී විවාදයට ගැනීමට නියමිතයි.

දෙදින විවාදයක් ලෙස එය පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.

දෙවැනි දිනය වෙනුවෙන්, මැයි මාසයේ දිනයක් වෙන් කිරීමට සැලසුම් කර තිබෙනවා.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව, සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා, පසුගිය මාර්තු 14 වැනිදා සභාගත කළා.