ඡන්දෙට සුරාසැල් වැසෙන්නේ මෙහෙමයි

ඡන්දෙට සුරාසැල් වැසෙන්නේ මෙහෙමයි

ජනා­ධි­ප­ති­ව­රණය හේතු­වෙන් දිව­යින පුරා පිහිටි සියලු සුරා­සැල් 21 සහ 22 දෙදින වසා තැබෙන බව සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තුව පව­සයි.

බල­පත්‍ර ලත් හෝටල් සහ බුටික් විලා ස්ථාන­යන්හි නේවා­සික සංචා­ර­ක­යන් සඳහා පම­ණක් මත්පැන් ලබා දිය හැකි බව සුරා­බදු කොම­සා­රි­ස්ව­ර­යාගේ අත්ස­නින් යුතුව නිකුත් කළ නිවේ­ද­න­යක දක්වා ඇත.

මෙම උප­දෙස් නොස­ලකා මත්පැන් අලෙවි කරන අයට එරෙ­හිව නෛතික පිය­වර ගන්නා බව ද එහි සඳ­හන් කර ඇත.