පොලී අනුපාත තවදුරටත් පහල යා හැකියි – මහ බැංකු අධිපති

පොලී අනුපාත තවදුරටත් පහල යා හැකියි – මහ බැංකු අධිපති

මේ වන විට පහළ දමා ඇති පොලී අනුපාත තවදුරටත් අඩුවිය හැකි බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

මහබැංකු අධිපතිවරයා සී.එන්.බී.සී පුවත් සේවයේ වැඩසටහනට එක්වෙමින් මේ බව සදහන් කර තිබෙනවා.

මහබැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඛණ්ඩව දෙවන මාසයටත් 12% සිට 11% දක්වා පහත හෙලීමට තීරණය කළා.

මෙම අනුපාත පහත දැමීම තවදුරටත් සිදුවනු ඇති බවයි සී.එන්.බී.සී පුවත් සේවයේ ස්ක්වාක් බොක්ස් ආසියා වැඩසටහනට එක්වෙමින් මහබැංකු අධිපතිවරයා කියාසිටියේ.

එසේම මෙරට ආර්ථිකයේ ප්‍රකෘත්තිමත් වීම වසරේ දෙවන අර්ධයේදී දැකගත හැකි බවද මෙම සාකච්ඡාවේදී මහබැංකු අධිපතිවරයා සදහන් කළා

Share This