මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන 120,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 70 000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත්, දින 182 න් කල් පිරෙන රුපියල් මිලියන 40000 ක භාණ්ඩාගාර බිල්පත් සහ දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන 10,000 ක භාණ්ඩාගාර බිල්පත් මෙදින වෙන්දේසි කරන බවයි මහ බැංකුව දැනුම් දෙන්නේ.

මෙම භාණ්ඩාගාර බිල්පත් නිකුතුව හා ඒ සඳහා ගෙවීම් කිරීම සැප්තැම්බර් 27 දා සිදු කිරීමට නියමිතය.