පොලී අනුපාත සම්බන්ධයෙන් මහ බැංකුවෙන් දැනුම් දීමක්

පොලී අනුපාත සම්බන්ධයෙන් මහ බැංකුවෙන් දැනුම් දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) පැවති රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බව සඳහන් කළේ.

ඒ අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.5 සහ සියයට 9.5 දක්වා පදනම් අංක 50කින් අඩු කිරීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර ඇත.

මධ්‍ය කාලීනව සියයට 5ක ඉලක්කගත මට්ටමේ උද්ධමනය පවත්වා ගනිමින් ආර්ථිකයට එහි විභවයන් කරා ළඟා වීමට හැකි වන පරිදි වත්මන් සහ අපේක්ෂිත දේශීය හා ජාත්‍යන්තර ආර්ථික වර්ධනයන් පිළිබඳ පුළුල් තක්සේරුවකින් පසුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබෙනවා

Share This