හිටපු අමාත්‍යවරුන් භාරදුන් නිල නිවාසවලට යුද හමුදා ආරක්ෂාව

හිටපු අමාත්‍යවරුන් භාරදුන් නිල නිවාසවලට යුද හමුදා ආරක්ෂාව

හිටපු අමාත්‍යවරුන් රජයට භාරදුන් නිල නිවාසවල ආරක්ෂාවට ඊයේ (12) යුද හමුදාව යෙදවූ බව අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ අධිකරණ අමාත්‍යාංශය පවසයි.

උපරිම ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස අමාත්‍යාංශ ප්‍රධානීන්ගේ දැනුම්දීම අනුව එම බංගලාවලට මෙසේ යුද හමුදා භට පිරිස් යෙදවූ බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.

හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට රජයෙන් ලබාදී තිබූ බංගලා 28 ම රජයට භාරදී අවසන් බව අමාත්‍යාංශය පවසයි.

මේ අතර, රජයට බාරගත් බංගලාවල බඩුමුට්ටු සම්බන්ධයෙන් වෙනම කරුණු සොයා බැලීමක් මේ දිනවල කරගෙන යන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

රජයේ නිල නිවාස යළි සුදුස්සන්ට භාර දෙන තුරු මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.