බංග්ලාදේශයේ අරගලකරුවන් හෝටලයකට තැබූ ගින්නකින් 25 ක් මරුට

බංග්ලාදේශයේ අරගලකරුවන් හෝටලයකට තැබූ ගින්නකින් 25 ක් මරුට

බංගලාදේශයේ අරගලකරුවන් විසින් අගමැතිනී ෂෙයික් හසීනාගේ පක්ෂයේ දේශපාලනඥයෙකුට අයත් හෝටලයකට ගිනි තබා තිබේ.

ගින්නෙන් එහි නවාතැන් ගෙන සිටි ඉන්දුනීසියානු ජාතිකයෙකු ඇතුළු පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 100 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ගින්න හටගත් ගොඩනැගිල්ලට ඇතුළුවීම අරගලකරුවන් අවහිර කිරීම හේතුවෙන් ගින්න නිවා දැමීම ප්‍රමාද වූ බවයි, ගිනි නිවන භටයන් පැවසුවේ.

කුල්නා ගිනි නිවීමේ සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මාමුන් මහමුද් පැවසුවේ, මියගිය අයගේ සිරුරු විවිධ මහල්වල වැටී තිබූ බවයි.