ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය අද

ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (15) පැවැත්වීමට නියමිතව තිබේ.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.00ට චිතගොන් හි දී ආරම්භ වීමට නියමිතය.

අද තරගයේදී බොහෝදුරට ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුවනු ඇති බව පැවසෙයි.

දෙරට අතර පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුළු 6ක ජයක් හිමිකරගත් බංග්ලාදේශ කණ්ඩායම තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තරග 1ට 0ක් ලෙස ඉදිරියෙන් පසුවෙයි.

Share This