බෙල්ලන්විල පෙරහර හේතුවෙන් අද සහ හෙට විශේෂ රථවාහන සැළැස්මක්

බෙල්ලන්විල පෙරහර හේතුවෙන් අද සහ හෙට විශේෂ රථවාහන සැළැස්මක්

බෙල්ලන්විල ඇසළ මහ පෙරහර වීථි සංචාරය කිරීම හේතුවෙන් අද (23) සහ හෙට (24) විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ඒ අනුව, අද රාත්‍රි 08 සිට හෙට අලුයම 01 දක්වා බොරලැස්ගමුව – බෙල්ලන්තොට මාර්ගය භාවිත කරන ජනතාව සහ රියදුරන් විකල්ප මාර්ග භාවිත කළ යුතු බව පොලීසිය පවසයි.

ඒ අනුව, සියලුම බර වාහන පැපිලියාන දෙසට ගමන් කර, අත්තිඩිය මාර්ගය හරහා බෙල්ලන්තොට හන්දියට පිවිස ගමන් කිරීම හෝ පිළියන්දල නගරයෙන් කටුබැද්ද දෙසට හරවා ගාලු පාරට පිවිසීම සිදුකළ හැකියි.

මහරගම – පිළියන්දල දෙසින් දෙහිවල දෙසට ගමන් ගන්නා සියලුම සැහැල්ලු වාහන පැපිලියාන දෙසට ගමන් කර පැපිලියාන මංසන්ධියෙන් වමට හැරී අත්තිඩිය මාර්ගය ඔස්සේ බෙල්ලන්තොට හන්දියට පැමිණ දෙහිවල හෝ ගල්කිස්ස දෙසට ගමන් කිරීම හෝ අබේරත්න මාවත හරහා පිටවේල්ල මාර්ගයෙන් අත්තිඩිය මාර්ගයට පිවිසිය හැකි බවයි, පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම රන්දෝලි මහ පෙරහර වීථි සංචාරය කිරීම හේතුවෙන් හෙට රාත්‍රී 08 සිට අනිද්දා අලුයම 03 දක්වා බොරලැස්ගමුව – නැදිමාල හන්දිය මාර්ගය, රත්මලාන, බෙල්ලන්තොට – අත්තිඩිය මාර්ගය හා පැපිලියාන මංසන්ධියේ සිට දෙහිවල මාර්ගය භාවිත කරන ජනතාව විකල්ප මාර්ග භාවිත කළ යුතු බවයි, පොලිසිය දැනුම් දෙන්නේ.