
බද්දේගමදී තියුණු ආයුධවලින් කපා කොටා අයියා – මලෝ මරලා
බද්දෙගම, මිරිස්වත්ත, මද්දෙවිල ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රියේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බද්දෙගම පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ, බද්දෙගම මද්දිවිල පදිංචි සහෝදරයින් දෙදෙනෙකු වන එච්.කේ. උපුල් කුමාර (32) සහ එච්.කේ. අජිත් කුමාර (28) යන නමැත්තන්ය.
ඊයේ රාත්‍රියේ අවමංගල්‍ය උත්සවයකදී මෙම ගැටුම හටගෙන ඇති අතර එහිදී තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පැවසීය.
එලෙස තුවාල ලබා ඇත්තේ, එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන කේ.ඩී. සුනිල් ජයන්ත සහ ඉන්දික මනෝජ් කුමාර නමැති අයයි.
ගැටුම් ඇතිවන අවස්ථාවේ ඊට සම්බන්ධ වූ පිරිස බීමතින් සිට ඇති බවට අනාවරණය වී ඇති අතර මියගිය සහෝදරයන් දෙදෙනා ඝාතනය කර ඇත්තේ, තියුණු ආයුධවලින් කපා කොටා බවද පොලීසිය පැවසීය.
ගැටුමෙන් තුවාල ලැබූවන් කරාපිටිය හා ඇල්පිටිය රෝහල්වල ප්‍රතිකාර ලබන අතර බද්දෙගම පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.