කොළඹ – අවිස්සාවේල්ල මාර්ගය භාවිතා කරන්නන්නට විශේෂ දැනුම් දීමක්

කොළඹ – අවිස්සාවේල්ල මාර්ගය භාවිතා කරන්නන්නට විශේෂ දැනුම් දීමක්

අද දිනයේ කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ රථ වාහන ධාවනය සීමා කිරීමක් සම්බන්ධව පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පොලීසිය පවසන්නේ හංවැල්ල පොලිස් වසමේ ඇඹුල්ගම රජමහා විහාරස්ථානයේ පවත්වනු ලබන ශ්‍රී සම්බුද්ධ ජයන්ති ආශිර්වාද වාර්ෂික මහා පෙරහැර විඨී සංචාරය කිරීමට නියමිත බැවින් එම මාර්ගයේ රථ වාහන ධාවනය සීමා කරන බවයි.

මේ හේතුවෙන්, කොලඹ – අවිස්සාවේල්ල මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට පහත දැක්වෙන විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දෙනවා.

කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට ධාවනය වන වාහන රනාල මංකඩ හන්දියෙන් කැකුලංවල මාර්ගය හරහා පනාගොඩ 293 මාර්ගයේ පනාගොඩ හන්දියෙන් ගොඩගමට ගොස් හයිලෙවල් මාර්ගය හරහා අවිස්සාවේල්ල දෙසට ගමන් කල හැකියි.

අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට පැමිණෙන වාහන වලට හයිලෙවල් මාර්ගය භාවිතා කල හැකියි.

293 පනාගොඩ හෝමාගම මාර්ගයේ ගමන් කරන වාහන කැකුලංවල මාර්ගය මංකඩ හන්දියෙන් ලෝලෙවල් මාර්ගයට පිවිස හැකියි.

අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට හා කිරිදිවෙල දෙස සිට ලෝලෙවල් මාර්ගයේ කොළඹ දෙසට ගමන් කරන වාහන හංවැල්ල සමනල හන්දියෙන් සමන බැද්ද මල්වාන හරහා කඩුවෙලට ගමන් කල හැකිය.