ශ්‍රී ලංකාව ‘වඩාත් කැමති දිවයින’ ලෙස (Wanderlust Reader Travel) රන් සම්මානයෙන් පිදුම් ලබයි
එක්සත් රාජධානියේ සංසරණය අනුව ජනප්‍රියතම සංචාරක සඟරාව වන Wanderlust විසින් සංවිධානය කරනු ලබන Wanderlust Reader Travel Awards සම්මාන වැඩසටහනේදී ශ්‍රී ලංකාව ‘වඩාත් කැමති දිවයින’ (Most Desirable Island) සඳහා වන රන් සම්මානය දිනාගෙන තිබේ.
පසුගිය වසරේ ශ්‍රී ලංකාව මෙහි අටවැනි ස්ථානයේ රැඳුණු අතර මෙවර ප්‍රථම ස්ථානයට පැමිණීම කැපීපෙනෙන සිදුවීමක් වේ.
මිලියන 3 කට අධික සංචාරකයන් විසින් ඡන්දය ප්‍රකාශ කරන ලද මෙම සම්මානය, ශ්‍රී ලංකාවේ ආකර්ශනීය භූ දර්ශන සහ ලොව පුරා සිටින සංචාරකයන් වශී කරවන මෙරට ඉතිහාසය ඉස්මතු කරයි.
අනෙකුත් කාණ්ඩ වලදී, ඕස්ට්‍රේලියාව වඩාත් කැමතිම රට ලෙස තේරී පත් වූ අතර, ටෝකියෝ වඩාත් කැමතිම නගරය ලෙස තේරී පත්විය.