කල් ඉකුත් වු ඖෂධ වෛද්‍ය සැපයුම් තොරතුරු පද්ධතියෙන් මකලා

කල් ඉකුත් වු ඖෂධ වෛද්‍ය සැපයුම් තොරතුරු පද්ධතියෙන් මකලා

ගාල්ල ප්‍රා දේශිය වෛද්‍ය සැපයුම් අංශය විසින් රුපියල් මිලියන 23.6කට ආසන්න කල්ඉකුත්වු ඖෂධ වෛද්‍ය සැපයුම් තොරතුරු කළමණාකරණ පද්ධතිය මගින් (PRONTO) විධිමත් අවසරයකින් තොරව භාණ්ඩ සමික්ෂණය සදහා ලබාදි තිබු මුරපද භාවිතා කර මකාදමා තිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ඒ අනුව රුපියල් මිලියන 23.6කට ආසන්න ඖෂධ කල් ඉකුත්වි ඇති බව කමිටු වාර්තා මගින් අනාවරණය වි තිබුණි.

2016 වර්ෂයේ සිට ක්‍රියාත්මක වු වෛද්‍ය සැපයුම් තොරතුරු කළමණාකරණ පද්ධතිය මගින් කල් ඉකුත් වු ඖෂධ වසරක් තුළ හදුනාගෙන අපහරණය සදහා කටයුතු කළයුතු බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ චක්‍ර ලේඛයේ දක්වා තිබේ.

කල්ඉකුත්වු ඖෂධ අපහරණය කොට මුදල් රෙගුලාසි 102 සිට 109 ප්‍රකාරව පොතෙන් කපා හැරිම සදහා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත යොමුකළ යුතු බව එම චක්‍ර ලේඛයේ සදහන්ව තිබුණි.

ගාල්ල ප්‍රා දේශිය වෛද්‍ය සැපයුම් අංශය ඒ අනුව කටයුතු කර නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.