ඊශ්‍රායලයෙන් තවත් රටකට ගුවන් ප්‍රහාර

ඊශ්‍රායලයෙන් තවත් රටකට ගුවන් ප්‍රහාර

ඊශ්‍රායලය තවත් රටකට ගුවන් ප්‍රහාර එල්ලකළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

යේමනයේ හූති කැරළිකරුවන්ගේ පාලනය යටතේ පවතින රතු මුහුදේ අල් හොඩෙයිඩා වරායට ගුවන් ප්‍රහාර එල්ලකර ඇති අතර ඉන් තිදෙනෙක් මියගොස් තවත් 87 ක් පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

යේමනයේ බටහිර වෙරළ තීරයේ වරායේ තෙල් පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරයෙන් සිදුකර ඇති බවට සඳහන්.

හවුති කැරලිකරුවන් විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද අඛණ්ඩ ගුවන් ප්‍රහාරවලින් මාස නවයකට පසුව ඊට ප්‍රතිචාර වශයෙන් යේමනයට ප්‍රහාර එල්ල කල බවයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කලේ.

හවුතිවරුන් විසින් ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරයේ ප්‍රහාරයෙන් එක් අයෙකු ගිය අතර තවත් පුද්ගලයන් 10 දෙනෙකුට තුවාල සිදුව තිබෙනවා.

හවුතිවරු එම ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇති බවට සඳහන්.

මෙලෙස ඊශ්‍රායලය විසින් යේමනයට පහර දුන් පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් හවුති ප්‍රකාශක මොහොමඩ් අබ්දුල්සලාම් කියා සිටියේ ප්‍රහාර සිවිල් ජනතාව ඉලක්ක කර ගත් ම්ලේච්ඡ ආක්‍රමණයක් බවයි.

එසේම රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලය විශාල සංඛ්‍යාවක් සිටින ප්‍රධාන නගරයක් වන ටෙල් අවිව් වෙත නැවතත් ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.