ඡන්ද පත්‍රිකා බෙදමින් සිටි තැපැල්කරුට පහර දීලා

ඡන්ද පත්‍රිකා බෙදමින් සිටි තැපැල්කරුට පහර දීලා

ඡන්ද පත්‍රිකා බෙදමින් සිටි කළුතර දකුණ තැපැල් කාර්යාලයේ තැපැල්කරුට පහරදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ජාවත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.

කතා බහක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, තැපැල්කරු රෝහල් ගතව ඇති බවයි වාර්තා වන්නේ.