ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් – 16 ක් මරුට

ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් – 16 ක් මරුට

මධ්‍යම ගාසා තීරයේ පාසලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 24දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මධ්‍යම ගාසා තීරයේ නුසෙයිරාට් සරණාගත කඳවුරේ අවතැන් වූවන් දහස් ගණනක් මෙම පාසල් ගොඩනැගිල්ලේ නවාතැන් ගෙන සිට ඇති බවයි.

එම පාසල තුළ ත්‍රස්ත ක්‍රියාකාරකම් සිදුවන බවට අනාවරණයවීමෙන් පසු මෙම ප්‍රහාරය එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ නිවේදනය කර තිබේ.

ප්‍රහාරය ඇසින් දුටු සාක්ෂිකරුවන් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, කාර්යබහුල වෙළඳපොළක් අසල පිහිටි පාසලේ ඉහළ මාලයට ප්‍රහාරය එල්ල වූ බවයි.

ඊයේ (06) එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය අය අතර ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පස්දෙනෙකු ද සිටින බව හමාස් සංවිධානය සඳහන් කර තිබේ.