ආසියාවේ අනුශූරියෝ දිවයිනට
චීනයේ හැංෂො හි පැවති 19 වන ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී කාන්තා ක්‍රිකට් අනුශූරතාවය දිනූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (28) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඊයේ (28) රාත්‍රී 08.40 ට චීනයේ කුංමිං සිට පැමිණි චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ – 713 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.
මෙම ක්‍රීඩිකාවන් පිළිගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
මෙහිදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ කණ්ඩායම් නායිකා චමරි අතපත්තු මෙසේ පැවසීය .
මට ගොඩක් සතුටුයි මේ ජයග්‍රහණය පිළිබඳව. මේ අවුරුද්ද අපට හොද වසරක් . අපි එංගලන්තය පරදා විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණයක් ලැබුවා .
ඊට අමතරව බංග්ලාදේශය සහ නවසීලන්තයත් පරාජය කළා .
අපගේ ඉදිරි බලාපොරොත්තුව ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමටයි . අපගේ පන්දු යැවීම සහ පන්දු රැකීම හොද මට්ටමක පවතිනවා .
පිතිකරණයත් දියුණු කරල හදා ගන්න ඕනෑ . එමගින් අපිට ලෝක ශූරතාවය දිනා ගැනීමට පුළුවන් යැයි ඇය පැවසුවාය .