ආසියානු කුසලානයේ නිළ තරග සැකස්ම ප්‍රකාශයට පත් කරයි

ආසියානු කුසලානයේ නිළ තරග සැකස්ම ප්‍රකාශයට පත් කරයි

ආසියානු කුසලාන පන්දුවාර ක්‍රිකට් 50 තරගාවලියේ නිළ තරග සැකස්ම ප්‍රකාශයට පත් කර තිබේ.

අගෝස්තු මස 30වන දින ආරම්භ වන ආසියානු කුසලානයේ තරග 3ක් පල්ලේකැලේදීත්, තරග 6ක් කොළඹදීත් පවත්වන අතර තරගාවලියේ සත්කාරකත්වය හිමිව තිබූ පාකිස්තානයේ පැවත්වෙන්නේ තරග 4ක් පමණි.

තරගාවලියේ මූලික වටයේදී එක් කාණ්ඩයකට කණ්ඩායම් 3 බැගින් කාණ්ඩ දෙකකට බෙදා ඇති අතර ශ්‍රී ලංකාව ‘බී’ කාණ්ඩය යටතේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය සමඟින් ක්‍රීඩා කරනු ඇත. ‘ඒ’ කාණ්ඩය යටතේ ඉන්දියාව, පාකිස්තානය සහ නේපාලය ක්‍රීඩා කිරීමට නියමිතය.

මේ යටතේ එක් කණ්ඩායමකට තරග දෙක බැගින් මූලික වටයේදී හිමි වන අතර එක් එක් කාණ්ඩයේ මුල් ස්ථාන දෙක හිමි කරගන්නා කණ්ඩායම් සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ගනු ඇත.

සුපිරි 4 වටයේදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් තුන සමගින් තරගය බැගි ක්‍රීඩා කිරීමටද ඉන් අනතුරුව සුපිරි 4 වටයේ මුල් ස්ථාන හිමි කරගන්නා කණ්ඩායම් දෙක අවසාන මහා තරගයටද ක්‍රීඩා කරන ලෙසට යෙදී තිබේ.

මෙම සුපිරි 4 වටය යටතේ යෙදෙන තරග 6න් 5ක්ම ශ්‍රී ලංකාවේ පැවැත්වීමද කැපී පෙනෙයි.

තරගාවලියේ අවසාන මහා තරගය සැප්තැම්බර් මස 17වන දින කොලඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවත්වීමටද නියමිතය.

Share This