ආසියා සංවර්ධන බැංකුවෙන් ණයක්

ආසියා සංවර්ධන බැංකුවෙන් ණයක්

එකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන අවසන් කිරීම සඳහා ආසියා ආසියා සංවර්ධන බැංකුවෙන් අරමුදල් සපයා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ආසියා සංවර්ධන බැංකු ණය අරමුදල් මත ක්‍රියාත්මක ආයෝජන වැඩසටහන් යටතේ වූ ඇතැම් මාර්ග සංවර්ධන ව්‍යාපෘති අරමුදල් නොලැබීම හේතුවෙන් අත්හිටුවා තිබෙන බව රජය පවසයි.

ඒ සම්බන්ධයෙන් මුදල් ,ආර්ථිකය ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය ආසියා සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා කර තිබෙන , කඩිනමින් නිම කළ යුතු මාර්ග වල වැඩ නිම කිරීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 60ක ණය මුදලක් ඉපයීමට එම බැංකුව එකඟතාවය පළ කර තිබේ.

Share This