ආසියානු ශූරියෝ අයර්ලන්ත සංචාරයක

ආසියානු ශූරියෝ අයර්ලන්ත සංචාරයක

එක්දින තරග 03කින් හා විස්සයි විස්ස තරග 02කින් යුත් ක්‍රිකට් තරගාවලියක් සඳහා ආසියානු ශූර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අයර්ලන්තයේ සංචාරක නිරත වීමට නියමිතය.

මෙය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් අයර්ලන්තයේ සංචාරයක නිතර වන පළමු අවස්ථාවද වේ.

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 05ක් පැවැත් වී ඇති අතර එම සියලුම තරග ශ්‍රී ලංකාව ජයගෙන ඇත.

එමෙන්ම දෙරට අතර මේ දක්වා විස්සයි විස්ස තරග 03ක්ද පැවැත්වී ඇති අතර ඒ සියල්ලේම ජයග්‍රහණයන් ද ශ්‍රී ලංකාව හිමි කරගෙන තිබේ.

දෙරට අතර පළමුව විස්සයි විස්ස තරගාවලිය පැවැත්වේ. එය මේ මස 11 හා 13 දිනවලදී ඩබ්ලින් හා බෙල්ෆාස්ට්හිදී පැවැත්වීමට නියමිතය.

එක්දින තරගාවලිය මෙම මස 16, 18 හා 20 දිනවලදී පැවැත්වේ. එම සියලුම තරග බෙල්ෆාස්ට්හිදී පැවැත්වීමට සැලසුම් කර ඇත.මේ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම මස 06 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.