ආසියානු ශූරියෝ අයර්ලන්තයට එරෙහිව අද තරඟ බිමට

ආසියානු ශූරියෝ අයර්ලන්තයට එරෙහිව අද තරඟ බිමට

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර තරග 02කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (11) පැවැත්වේ.

තරඟය මෙරට වේලාවෙන් රාත්‍රී 8.30ට අයර්ලන්තයේ ඩබ්ලින්හිදී ආරම්භ වීමට නියමිතයි.

අසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශුරතාව හිමිකර ගැනීමෙන් පසු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන පළමු තරගාවලිය මෙය වෙයි.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අනුෂ්කා සංජීවනී විසින් මෙහෙයවයි.

ඒ, කණ්ඩායමේ නිත්‍ය නායක චමරි අතපත්තු, එංගලන්තයේ පැවැත්වෙන ”ද හන්ඩ්‍රඩ්” කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම හේතුවෙන්.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ අයර්ලන්ත තරග සංචාරය එක්දින ජාත්‍යන්තර තරග 03කින් ද සමන්විතයි.