ආචාර්ය උපාධිය ගැන 17වැනිදා කතානායකගෙන් ප්‍රකාශයක්

ආචාර්ය උපාධිය ගැන 17වැනිදා කතානායකගෙන් ප්‍රකාශයක්

කතානායක අශෝක සපුමල් රන්වල මහතා සිය ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

ඔහුගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ දැඩි විවේචනාත්මක කතාබහක් ඇතිවී තිබෙන අතර සිය ප්‍රකාශයෙන් ඊට පැහැදිලි උත්තර ලබාදීමට කතානායකවරයා බලාපොරොත්තුවෙන් සිටින බවයි පැවසෙන්නේ.

සිය ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් කථානායකවරයා ප්‍රකාශයන් නිකුත් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙරේදා(10) ප්‍රකාශ කළේය.

මේ අතර කතානායකවරයාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්ද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට සූදානමින් සිටිති.