ගුවන් අනතුර සම්බන්ධයෙන් අසර්බයිජාන ජනපති රුසියාවෙන් වන්දි ඉල්ලයි

ගුවන් අනතුර සම්බන්ධයෙන් අසර්බයිජාන ජනපති රුසියාවෙන් වන්දි ඉල්ලයි

අසර්බයිජාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානය කඩා වැටුණේ රුසියන් හමුදාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් බවට විමර්ශනවලින් තහවුරු වීමත් සමඟ අසර්බයිජාන ජනාධිපති ඉලම් අලියෙව් රුසියාවෙන් වන්දි ඉල්ලා තිබේ.

ඒ අනුව, අනතුරින් තුවාල ලැබු මගීන් සහ කාර්ය මණ්ඩල සමාජිකයින්ට මෙන්ම අනතුරින් හානි වු භූමියට රුසියාව වන්දි ගෙවිය යුතු බව ඔහු අවධාරණය කළේය.

එමෙන්ම, ඊට වගකිවයුතු සියලු දෙනාට දැඩි දඩුවම් ලබා දිය යුතු බවයි, අසර්බයිජාන ජනාධිපතිවරයා පවසන්නේ.

පසුගිය බදාදා අසර්බයිජාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් කසක්ස්තානයේදී අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 38 දෙනෙකු මිය ගියේය.