ආරුගම්බේ ගැන විදේශ අමාත්‍යංශය ඇමෙරිකා තානාපති කාර්යාලයෙන් කළ ඉල්ලීම
නැවත දැනුම්දෙන තුරු ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස නිකුත් කළ සංචාරක උපදේශනය ඉවත් කරන ලෙස විදේශ අමාත්‍යාංශය කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබේ.
කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් මේ වන තෙක් මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි රජයේ ආරංචි මාර්ග සදහන් කළේ.
ඇමෙරිකා තානාපති කාර්යාලය අදාළ අනතුරු ඇඟවීම් නිකුත් කළේ පසුගිය ඔක්තෝම්බර් 23 වනදායි.
එහිදී ඔවුන් පෙන්වාදුන්නේ, නැවත දැනුම්දෙන තුරු ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස මෙරට සිටින එක්සත් ජනපද පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවය.
අදාළ නිවේදනයෙන් අනතුරුව තවත් රටවල් කිහිපයක් එම රටවල පුරවැසියන්ට මෙම කලාපවල සංචාරය කිරීමෙන් වළකින ලෙසත් ආරක්ෂාව සම්බන්ධයෙන් වඩාත් අවධානය යොමුකරන ලෙසත් ඉල්ලා සිටියේය.
අනතුරුව අදාළ ස්ථානවල ආරක්ෂාව තර කිරීමට රජය පියවර ගත් අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවේ පසුවෙයි.
මෙම තත්ත්වය හමුවේ, පසුගිය ඉරිදා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා ද ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර එහිදී ඔහු සදහන් කළේ, අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බවය.