නීති විරෝධි ලෙස හක් බෙල්ලන් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට

නීති විරෝධි ලෙස හක් බෙල්ලන් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස හක් බෙල්ලන් 3621 ක පමණ තොගයක් ගබඩා කරගෙන සිටි පුද්ගලයෙකු මන්නාරම ආන්දන්කුලම්, නායතුවේලි ප්‍රදේශයේ ඊයේ (15) සිදුකල සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක සහ ඵුස්සදේව ආයතන සහ මන්නාරම පොලිස් ප්‍රාදේශීය අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව මෙම වැටලීම සිදුකළහ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 54 ක් වන කන්දකුලිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරු සහ හක් බෙල්ලන් තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා අදම්පන් පොලිසිය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

නීති විරෝධි ලෙස හක් බෙල්ලන් ගබඩා කර සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට

Share This