බීමතින් පාසලකට ඇතුළු වී සිසුවියන් අපයෝජනයට තැත්කල පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

බීමතින් පාසලකට ඇතුළු වී සිසුවියන් අපයෝජනයට තැත්කල පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

මුලතිව්, මල්ලාවි ප්‍රදේශයේ පාසලකට බීමතින් සිවිල් ඇඳුමින් ඇතුළු වූ පොලිස් නිලධාරියෙක් එම පාසලේ සිසුවියන් කිහිපදෙනෙකු වැසිකිළියක් තුළ දී අපයෝජනයට ලක් කිරීමට තැත්කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මල්ලාවි පොලිසියට අනුයුක්තව රාජකාරී කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකි.

පාසල් ක්‍රීඩා තරග සඳහා පාසල් වේලාවෙන් පසුව රැඳී සිටි පාසල් සිසුවියන්ව මෙලෙස අපයෝජනයට ලක්කිරීමට තැත් කර ඇති අතර, එහි වූ පිරිස පොලිස් නිලධාරියාට පහරදෙන අයුරු ජංගම දුරකථනයක ද සටහන්ව තිබේ.

ඒ අනුව බීමතින් රාජකාරිය කිරීම, බීමතින් රජයේ පාසලකට ඇතුළු වී සිසුවියන්ට හිරිහැර කිරීම යන චෝදනා යටතේ සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මල්ලාවිය පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර ඇති අතර, අදාළ පොලිස් කොස්තාපල්වරයා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව බීමතින් සිට ඇති බවට අනාවරණය වී තිබේ.