ව්‍යාජ පිස්තෝලයක් සහ ජීව උණ්ඩ සමග කාන්තාවක් අත්අඩංගුවට

ව්‍යාජ පිස්තෝලයක් සහ ජීව උණ්ඩ සමග කාන්තාවක් අත්අඩංගුවට

වීරවිල පොලිස් වසමේ, වීරවිල හංදිය අසල වෙළද සැලෙහි රාක්කයක පාර්සලයක තිබී ව්‍යාජ රිවොල්වරයක් (උණ්ඩ ඇතුලත් කල නොහැකි) හා බෝර 12 ජීව පතොරම් 04ක් සමඟ ඉහත වෙළඳසැලේ හිමිකාරිය වීරවිල පොලිස් ස්ථානය මගින් ඊයේ (19) අත්අඩංගුවට ‌‌ගෙන තිබේ.

විමර්ශනයේ දී, මෙම පාර්සලය, අංක 761/04, රණසිරිපුර, කුඩාගම්මාන 08, නව නගරය, වීරවිල. ලිපිනයේ පදිංචි සැකකාරියගේ ඥාතිවරයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් සැකකාරිය වෙත ගෙනවිත් දුන් බවත්, එය වෙළඳසැලේ රාක්කයේ තබා තිබූ බවත්, එය පසුව ලබා ගැනීමට පැමිණෙන බවට පැවසූ බවත්, දැනුම්දී ඇති බවට අනාවරණය කරගෙන ඇත.

රටපුරා ක්‍රියාත්මක සෝදිසි කිරීම් හේතුවෙන්, පාර්සලය වෙළදසැලේ හිමිකාරියට ලබාදුන් අර්ජුන් නැමැත්තා දැනට දින දෙකක පමණ සිට ප්‍රදේශයෙන් බැහැරව සිටින බවට ද තොරතුරු අනාවරණය වී තිබෙයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් වීරවිල පොලිස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

Share This