බෝට්ටුවෙන් ඉන්දියාවට ගිය ලාංකිකයන් 08ක් අත්අඩංගුවට

බෝට්ටුවෙන් ඉන්දියාවට ගිය ලාංකිකයන් 08ක් අත්අඩංගුවට

යාපනය දිස්ත්‍රික්කයේ පදිංචි පවුල් දෙකකට අයත් පිරිසක් ඊයේ (15) මෙරට සිට බෝට්ටු මඟින් නීති විරෝධීව දකුණු ඉන්දීය ධනුෂ්කොඩි වෙරළට පැමිණ සිටියදි අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ යාපනය දිස්ත්‍රික්කයේ පදිංචිය හිමි පිරිමි පුද්ගලයෙකු, කාන්තාවන් දෙදෙනෙකු හා දරුවන් පස් දෙනෙකු මෙලෙස බෝට්ටු මඟින් අනවසරයෙන් ඉන්දියාව වෙත ඇතුළුවීමේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ධනුෂ්කොඩි, අසරමුණි වෙරළ තීරයට අනවසරයෙන් පැමිණ සිටි පිරිස ඉන්දීය වෙරළාරක්ෂක බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත ඉදිරිපත් කර තිබේ.

පොලිසිය වෙත ඉදිරිපත් කළ මෙම ශ්‍රී ලාංකිකයින් ඉන්දීය අධිකරණ නියෝග යටතේ මණ්ඩපම් තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුද හේතුවෙන් තමන් අනවසරයෙන් බෝට්ටු මඟින් ඉන්දියාව වෙත පැමිණි බව අදාළ පිරිස එරට ආරක්ෂක අංශ වෙත පවසා තිබේ.

මෙම ශ්‍රී ලාංකිකයින් 8 දෙනාගේ පැමිණීමත් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පසු ඉන්දීය වෙරළට පැමිණි සරණාගතයින් සංඛ්‍යාව 265 දක්වා ඉහළ ගොස් ඇත.

Share This