
ළමුන්ගේ අසභ්‍ය දර්ශන විදේශිකයන්ට බෙදාහැරි පුද්ගලයෙක් අත්අඩංගුවට
ළමුන් සම්බන්ධ අසභ්‍ය දර්ශන සමාජ මාධ්‍ය ජාල හරහා බෙදාහැරි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම, කැන්දලියද්ද පාළුව ප්‍රදේශයේ පදිංචිව සිටි 20 හැවිරිදි වියේ පසුවන අයෙකි.
මෙම සැකකරු සමාජ මාධ්‍ය හරහා විදෙස් ජාතිකයින්ට ළමුන් සම්බන්ධ ලිංගික දර්ශන සහ ඡායාරූප බෙදාහැර ඇති බවයි අනාවරණය වී තිබෙන්නේ.
සැකකරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙතකරුණු වාර්තා කිරීමෙන් පසු සැකකරුට අයත් ජංගම දුරකථන වාර්තාවක් ලබාගෙන රාගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී සැකකරු සන්තකයේ තිබී අසභ්‍ය දර්ශන ඇතුළත් ජංගම දුරකථනයක් සහ පරිඝනකයක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය මඟින් සිදුකරනු ලබනවා.