රත්නපුර ප්‍රබල දේශපාලඥයෙකු භාවිතා කළ ව්‍යාජ ජීප් රථයක් අත්අඩංගුවට
වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායට ලද තොරතුරකට අනුව උපායදුතයින් යොදවා ලබා ගන්නා ලද තොරතුරු මත ඊයේ (28) දින සිදු කරන ලද වැටලීමකදී රත්නපුර අංගම්මන ප්‍රදේශයේ කොන්ක්‍රිට් වැඩපලක ව්‍යාජ අංක තහඩු සවි කරන ලද නීතිවිරෝධී ලෙස එකලස් කර ඇති ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරින් විසින් සිදු කරන ලද වැඩිදුර විර්මශණයේදි මෙම රථයේ චැසි අංකය හා එන්ජින් අංකය ව්‍යාජ ලෙස කොටා ඇති බවත්, මෙම ලියාපදිංචි අංකය යටතේ ඉදිරිපත් කරන ලද ලියාපදිංචි ලේඛනයට අදාලව රථය පරීක්ෂා කිරීමේදී ලියාපදිංචි ලේඛණය අනුව ජීප් රථයේ සවි කර තිබු අංක තහඩුව අනුව එය MOTOR LORRY ක අංක තහඩුවක් බවත් හඳුනාගෙන තිබෙනවා.
එමෙන්ම, ලියාපදිංචි ලේඛණය අනුව රථයේ පැහැය MEROON ලෙස සදහන්ව ඇතත් අත්අඩංගුවට ගන්නා ලද ජීප් රථය අළු පැහැය බවත්, රථයේ එන්ජින් සිලින්ඩර් ධාරිතාවය CC 1280 ලෙස ලියාපදිංචි ලේඛනය අනුව සදහන්ව ඇතත් මෙම රථයේ එන්ජින් සිලින්ඩර් ධාරිතාව CC 2800 කට වඩා වැඩි රථයක් බවටත් කරුණු අනාවරණය කර ගෙන තිබෙනවා.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර අතර,මෙම ජීප් රථය රත්නපුර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකු විසින් භාවිත කර ඇති බවට සැක පළකරයි.