ජනපති හමුවෙන්න ඕනෑ – නැත්තං බෙල්ල කපාගෙන මැරෙනවා
පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ලොරි රථයකට කඩුවක් අතැතිව නැග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අවශ්‍ය බව පවසමින් කලහකාරීව හැසුරුණු පුද්ගලයෙකු පොලිසිය මැදිහත් වී පාලනයකර අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි.
පිළියන්දල තුම්බෝවිල ප්‍රදේශයේ පදිංචි (53) හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා (26) දා උදෑසන ජාලියගොඩ හන්දියට කඩුවක් රැගෙන පැමිණ අසල්වාසීන්ට පරුෂ වචන කියමින් කලාකාරීව හැසිරී තිබේ.
ඒ අතරතුර අවට පිරිස පරුෂ වචන නොකියන ලෙසට දැනුම් දීමෙන් පසුව ඊට උරණ වී අසල නවතා තිබූ ලොරි රථයකට නැග ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා හමුවීමට අවශ්‍ය බවත් එසේ නොවන්නේ නම් බෙල්ල කපාගෙන සියදිවි හානි කර ගන්නා බව පවසමින් කලහකාරීව හැසිරී තිබේ.
පසුව තත්ත්වය පාලනය කිරීමට අසල්වාසීන්ට නොහැකි වූ නිසා මේ බව පිළියන්දල පොලිසියට දැනුම් දීමෙන් පසුව නිලධාරි කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ තත්ත්වය පාලනය කර තිබේ.
කලහකාරී හැසුරුණු එම පුද්ගලයා යම් රෝගී තත්ත්වයකින් පෙළෙන බව අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.