මැණික් ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 13 ක් ගමන් මල්ලක් සොරාගත් ගෘහ සේවිකාව අත්අඩංගුවට
මැණික් ව්‍යාපාරිකයෙකු සතු රුපියල් ලක්ෂ 13 ක් වටිනා ගමන් මල්ලක් ,කටුනායක ගුවන් තොටුපොළේ දී සොරා ගත් ගෘහ සේවිකාවක අද (03) කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම ව්‍යාපාරිකයා දෙහිවල කලුබෝවිල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ජාසින් නවාෂ් නැමැති 34 හැවිරිදි මැණික් ව්‍යාපාරිකයෙක් වන අතර ඔහු නිතර ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනය සදහා සහභාගී වන පුද්ගලයෙකි .
” Brand Tumi ” වර්ගයට අයත් මෙම ගමන් මල්ල පමණක් රුපියල් ලක්ෂ 06 ක් වටිනා එකක් වන අතර , එහි මෙම ව්‍යාපාරිකයාට අයත් මැණික් පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපි ලේඛන , හිස් මැණික් ඇසුරුම් පෙට්ටි , ව්‍යාපාරිකයාගේ ඇදුම් පැළදුම් , සුවදවිළවුන් ඇතුළු තවත් වටිනා භාණ්ඩ රාශියක් තිබී ඇත .
ඔහු ඉකුත් 28 දින අලුයම 03.00 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 632 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
ඇය හෙම්මාතගම , පෙතිගම්මන ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි ගෘහ සේවිකාවක වන අතර , ඇය ද මෙම ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඇය සොයා ගිය ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන් , ඇයගේ නිවසෙහි තිබී රුපියල් එක් ලක්ෂ විසි පන් දහසක් වටිනා භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ .