ආයුධ සමඟ දෙහිඕවිට දී පුද්ගලයෙක් අත්අඩංගුවට

ආයුධ සමඟ දෙහිඕවිට දී පුද්ගලයෙක් අත්අඩංගුවට

දෙහිඕව්ට දෙබෑගම ප්‍රදේශයේ දී කළ වැටලීමකදී අයිස් මත් ද්‍රව්‍ය සමග පුද්ගයෙකු අත් අඩංගුවට ගෙන  ප්‍රශ්න කිරීමේදී ඔහුගේ නිවසේ තිබු ඔහු ව්සින් නිෂ්පාදනය කරන ආයුධ තොගයක් ද අත් අඩංගුවට ගත් බව දෙහිඕව්ට පොලීසිය කියයි.

පොලීසිය මාර්ග සෝදිසියේ යෙදී සිට්යදී මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇත.

මොහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය තිබූ බවත් ප්‍රශ්න කිරීමේදී සැකකරුගේ නිවසේ තිබු පාව්ච්යට ගත හැකි කඩු හයක්,නිපදවමින් තිබු කඩු තුනක්,කඩු නිෂ්පාදනය කරන සුදු යකඩ තහඩු තොගයක්,ග්‍රයින්ඩර් එකක්,තහනම් පිහි දෙකක් සහ කඩු නිෂ්පාදනය කිරීමට භාව්තා කල උපකරණ රැසක් ද එහිදී සොයා ගත් බව පොලීසිය කියයි.

මෙම පුද්ගලයා මත් ද්‍රව්‍ය ජාවාරමක නිරතවී සිටින අයෙකු බවත් මොහුගේ හෙරොයින් ගැනීමට සැකකරුගේ නිවසට පැමිණ සිටි වයස අවු:21 වන තරුණයින් දෙදෙනකු ද පොලීසිය එහීදී අත්අඩංගුවට ගෙන තිබේ.

එම අත් අඩංගුවට පත් තරුණයන් දෙදෙනා අල්ගොඩ සහ මුරුත්තෙට්ටුව ප්‍රදේශයේ පදිංච්කරුවන් බවත් පොලීසිය කියයි.