ආරක්ෂකයින්ට පහර දී දඹ රන් පිළිමය කොල්ල කන්න හදලා – දෙදෙනෙක් පොලිසියට කොටු

ආරක්ෂකයින්ට පහර දී දඹ රන් පිළිමය කොල්ල කන්න හදලා – දෙදෙනෙක් පොලිසියට කොටු

කරුවලගස්වැව පුලියන්කුලම වෙහෙරගල රජමහා විහාරස්ථානයේ දඹ රන් පිළිමය කොල්ල කෑමට පැමිණි කොල්ලකරුවන් පිරිසක් ආරක්ෂාවට සිටි සිවිල් ආරක්ෂකයින්ට පහර දී ගිනි අවි පැහැරගෙන පිළිමය සොරා ගැනිමට කල උත්සහය ගම්වාසින් විසින් වලකා කොල්ලකරුවන් දෙදෙනෙකු අල්ලා සාලියවැව පොලිසියට භාර දී තිබේ.

වැන් රථයකින් පැමිණි කොල්ලකරුවන් අද( 17 ) අලුයම රජමහා විහාරස්ථාන භුමියට කඩා වැදී ඇති අතර එසේ පැමිණි කොල්ලකරුවන් දඹ රන් පිළිමය තැම්පත් කර ඇති ආරක්ෂීත ධාතු මන්දිරයට කඩා වැදි එහි ආරක්ෂාවට සිටි සිවිල් ආරක්ෂකයින්ට පළමුව පහර දි ගිනි අවි පැහැර ඇති බවයි පැවසෙන්නේ.

කොල්ලකරුවන් දඹ රන් පිළිමය පැහැර ගැනිමට සුදානම් වනවාත් සමග සිවිල් ආරක්ෂක නියාමකයින් මහ හඩින් කෑ ගසා තිබේ.

එම කෑගැසිමේන් අවදි වු විහාරස්ථානයෙ රැදි සිටි හිමිවරුන් හා අනෙක් පිරිස් සමග ගම්වැසියන් කඩිනමින් ක්‍රියාත්මක වී තිබේ.

ඒ සමගම කොල්ලකරුවන් පැමිණි වෑන් රථය පලා ගොස් තිබු අතර විහාරස්ථානයට කඩා වැදි සිටි කොල්ලකරුවන් තිදෙනාගෙන් එක් අයකු දැඩි ප්‍රයත්නයක් දරා අල්ලා ගත් නමුත් දෙදෙනෙකු පලා ගොස් තිබු බව කියයි.

කෙසේ නමුත් එසේ පලා ගිය කොල්ලකරුවන් සොයා 17 අලුයම සිට ගම්වාසින් සාලියවැව පොලිස් නිළධාරීන් සමග එක්වි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ඒ අනුව පලා ගොස් නිවසක සැගවි සිට යතුරු පැදියකින් යාමට සුදානම් වු තවත් කොල්ලකරුවෙකු ගම්වාසින් අල්ලා ගෙන පොලිසියට භාර දි තිබුනී.