ලක්ෂ 25ක නීති විරෝධී ඖෂධ තොගයක් කටුනායකදී අත්අඩංගුවට

ලක්ෂ 25ක නීති විරෝධී ඖෂධ තොගයක් කටුනායකදී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ විසි පහක් පමණ වටිනා ඖෂධ තොගයක් සමග ගුවන් මගියෙකු අද (11) අළුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

මොහු ඉන්දීය ජාතික ගුවන් මගියෙක් බවයි සඳහන් වන්නේ .

ගුවන් මගින් විවිධ ඖෂධ වර්ග මේ ආකාරයට රැගෙන විත් රට පුරා පිහිටි පෞද්ගලික ඔසුසැල් සහ රෝහල් වෙත අළෙවි කිරීමේ ජාවාරමක නිරත වී සිටින පුද්ගලක් බවයි රේගු නිලධාරීන් පවසන්නේ .

මෙම ඖෂධ අතර පිරිමින්ගේ පුරස්ථි ග්‍රන්ථ ආශ්‍රිතව හට ගන්නා පිළිකා මර්දනයට යොදා ගන්නා එන්නත් , කාන්තාවන්ගේ සරු බව වර්ධනය කිරීමට යොදා ගන්නා ඖෂධ සහ කාන්තාවන්ගේ සම සුදු පැහැ ගැන්වීම භාවිතා කරන ආලේපන ඇතුළු තවත් ඖෂධ වර්ග රාශියක් ගමන් මලු තුළ තිබී සොයා ගෙන තිබෙනවා .