STF පොලිස් පරීක්ෂක සහ කොස්තාපල් කුඩු කිලෝවක් සමග අත්අඩංගුවට

STF පොලිස් පරීක්ෂක සහ කොස්තාපල් කුඩු කිලෝවක් සමග අත්අඩංගුවට

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂකවරයෙකු (39) සහ කොස්තාපල්වරයෙකු (32) කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අද (21) උදෑසන පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑමයක් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිය භාරයට ගෙන ඇති බවට ද තොරතුරු වාර්තා වනවා