හොර නෝට්ටු දී රන් මාලයක් මිලදී ගැනීමට පැමිණි අයෙක් අත්අඩංගුවට

හොර නෝට්ටු දී රන් මාලයක් මිලදී ගැනීමට පැමිණි අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 102ක් භාවිත කරමින් ස්වර්ණාභරණ අලෙවිසැලකින් රන් මාලයක් මිලදී ගැනීමට උත්සාහ කළ පුද්ගලයකු රත්නපුර නගරයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු බදුල්ල, සොනාතොට ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයකු බවට පොලිසිය හඳුනාගෙන ඇත.

රන් මාලයක් මිලදී ගැනීමට කැමැත්ත පළකරමින් සැකකරු ඊයේ අදාළ වෙළෙඳසලට පැමිණ ඇත.

ඔහු රුපියල් 5000 නෝට්ටු මිටියක් මේසය මත තබා ඇති අතර එම මුදල් නෝට්ටු ව්‍යාජ ඒවා බව හඳුනාගත් වෙළෙඳසල් හිමියා පොලිසියට දැනුම් දී තිබේ.

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු සතුව තිබූ මුද්‍රණ යන්ත්‍රයක් භාවිත කරමින් නිවසේ දී මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇති බව පසුව අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.