ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් විකිණීමට ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් විකිණීමට ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

ගුවන් හමුදා බුද්ධි තොරතුරක් මත අනුරාධපුරාධපුර රඹෑව ප්‍රදේශයේදී ටයිටැන් වර්ගයේ වාලම්පුරියක් හා විශේෂිත බෙල්ලන් දෙදෙනෙකු ලක්ෂ දහයකට අලෙවි කිරිමට සුදානම් වු සැකකරුවන් දෙදෙනෙකු අද (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර ප්‍රධාන ආගමික ස්ථානයක කපුවකු හා ආවතේව කටයුතු වල නිරත සැකකරුවන් දෙදෙනෙකු බවයි පැවසෙන්නේ.

මිරිගම ගුවන් හමුදා බුද්ධි නිළධාරීන්ට ලැබුණ තොරතුරක් මත අනුරාධපුරා ගුවන් හමුදා බුද්ධි නිළධාරීන් සමග එක්ව මෙම වැටලිම සදහා බුද්ධි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව වනජීවි මෙහෙයුම් අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත කරුවලගස්වැව හා අනුරාධපුර වනජීවි කාර්යාල වල නිලධාරීන් සමග පොලිස් විශේෂ කාර්ය බලකා අණ දෙන නිළධාරී නිතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත අනුරාධපුර කදවුරු නිළධාරීන් සමග කළ ඒකාබද්ධ මෙහෙයුමකින් මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.

ටයිටැන් වර්ගයේ වාලම්පුරී හා විශේෂිත බෙල්ලන් දෙදෙනා රුපියල් ලක්ෂ 10 ක මුදලකට මිළදී ගැනිමට ගුවන් හමුදා බුද්ධී නිළධාරීන් උපාය දූතයින් යොදවමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.