ගෑන්ඩ්පාස් ද්විත්ව ඝාතනයට තිදෙනෙක් අත්අඩංගුවට

ගෑන්ඩ්පාස් ද්විත්ව ඝාතනයට තිදෙනෙක් අත්අඩංගුවට

ගෑන්ඩ්පාස් වදුල්ලවත්ත ප්‍රදේශයේදී ඉකුත් 23 වැනි දා තීරෝද රථයක යමින් සිටි කාන්තාවකට සහ එහි රියැදුරාට වෙඩි තබා ඝාතනය කිරිම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .

ඝාතනය සිදුකළ වෙඩික්කරු, ඝාතනය සදහා පැමිණි යතුරුපැදියේ පැදිකරු සහ ඊට ආධාර අනුබල දුන් තවත් පුද්ලගයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 26, 37 සහ 45 යන වයස් සීමාවල පසුවන ඔරුගොඩවත්ත සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්

එදින වෙඩි වැදිමෙන් මිය ගොස් තිබුණේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක බව කියන සුනීතා නැමැත්තියක හා ඇයගේ සහයකයා බව කියන කේ. රන්මුතු දර්ශන නමැති 31 හැවිරිදි පුද්ගලයෙකි

මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරක් පොලිසියට දුන්නැයි කියන සිද්ධියකට මෙම ඝාතනය සිදු කර ඇති බවට පෙනෙන්නේ යැයි ද පොලිසිය සදහන් කරයි.