සැමියා මරන්න කොන්ත්‍රාත්තුව දුන් බිරිඳ සහ මිතුරා අත්අඩංගුවට
අනියම් ඇසුර දිගටම පවත්වාගෙන යාමට තම හොදම මිතුරාගේ ගෙල කපා මරා දැමිමට රුපියල් ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් ලබා දුන් ප්‍රධාන සැකකරු හා අනුබල දුන් මිතුරාගේ බිරිද ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු ආණමඩුව පොලිසිය අද (23) අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව පාලියාගම නෑබඩවැව පදිංචි ප්‍රධාන සැකකරු හා එයට අනුබල ලබා දෙමින් තම විවාහක සැමියා මරා දැමිමට අනියම් සැමියාට උදව් දුන් සැකකාර බිරිද හා මෙම සිද්දියේ මිනි මැරිමේ කොන්ත්‍රාත්තුව ලබා ගත් මීගමුව පදිංචිව සැකකරුවන් දෙදෙනෙකු බව පොලිසිය කියයි.
සත්ව ගොවිපලක් හා ගොවිතැන් කටයුතු වල නිරත ගොවියකුගේ බිරිද සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය මිතුරා විසින් මෙම ඝාතනය කර ඉන් පසුව මොවුන් දෙදෙනා එකට දිවි ගෙවිමට සැලසුම ක්‍රියාත්මක කර තිබේ.
අදාල ගොවිතැන් කටයුතු වල නිරත තැනැත්තාගේ බිරිද වැලිමඩ පදිංචි කාරියක් බවත් ඇයගේ දෙවන විවාහය ලෙස මෙම තැනැත්තා සමග විවාහ වි ඇති බවද පැවසේ.
එසේ දෙවන විවාහයේ සැමියා වන තැනැත්තා සමග එකට ජීවත් වෙමින් සිටියදී මෙම කාන්තාව රහසේ තම සැමියාගේ මිතුරා සමග අනියම් ඇසුරක් කලක සිට පවත්වාගෙන ගොස් ඇති බවත් මෙය දිගින් දිගටම පවත්වාගෙන යාම නිසා කිසියම් මොහොතක තම සැමියාට අසුවුවහොත් එය ගැටළුකාරි තත්වයක් විම මත මෙම සිද්දියට අදාල සැකකාරිය ප්‍රධාන සැකකරු සමග එක්වි මෙම සැලසුම ක්‍රියාත්මක කර ඇති බව පැවසේ.
ඒ අනුව වැලිමඩ පදිංචිකාරියක් වන මෙම කාන්තාව හා දරුවන් වැලිමඩ මව්පියන් බැලිමට යන අවස්තාවක මෙම ඝාතනය සිදු කිරීමට අදාල තැනැත්තා සැලසුම් සකස් කර ඇති බව පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබේ.
ඒ අනුව මෙම කාන්තාව දරුවන් සමග වැලිමඩ ගොස් සිටියදී අනියම් සැමියා විසින් කලින් සැලසුම් කල ආකාරයට මිගමුවේ පදිංචි කුලි මැරයින් දෙදෙනෙකුට රුපියල් ලක්ෂයක මුදලක් ලබා දෙන බවට පොරෝන්දු වී අදාල ගොවියා මරා දැමිමට සැලසුම් කර ඇති බව කියයි.
එම සැලසුම අනුව මෙම කුලි මිනිමරුවන් පසුගිය දින රාත්‍රියේ කිසිවකුටත් සැක නොසිතන ලෙස රැගෙන විත් අදාල ගොවියා නිවසේ නිදා සිටියදී නිවසට ඇතුල් වී තිබේ.
එසේ නිවසට ඇතුල් වු කුලි මිනිමරුවන් සමග ප්‍රධාන සැකකරුද මෙම නිවසට ඇතුල් වී ඇති බවත් ඒ වන විටත් තද නින්දේ සිටි මිතුරා නිදා සිටි ඇද අසලට ගොස් ඔහුගේ ගෙල කැපිමට ප්‍රධාන සැකකරු කුලි කොන්ත්‍රාත්කරුවන්ට හැකිවන ලෙස ගෙල තදින් අල්ලාගෙ ඇති බවද පරික්ෂණ වලදි සනාථ වි තිබේ.
කෙසේ නමුත් නිදා සිටි ගොවියාගෙ ගෙලට එල්ල වු දරුණු කඩු පහර වැරදි ගොස් කුලි මිනිමරන්නකුගේ දකුණු අතට කඩු පහරක් එල්ල වී තිබේ.
එයින් අදාල කුලි මිනිමරන්නාගේ ඇගිලි සියල්ලම කැපි ඇති අතර දරුණු තුවාල සිදුව ඉන් පසුව ගොවියාගේ ගෙලට කඩු පහර වැදි තිබේ.
මේ සමග ගොවියා විලාප තබමින් කෑගසා ඇති බවත්, ඒ වන විටත් නිවසේ අනෙක් කාමරයක නිදා සිටි ඥාතියකුට ඇසි ඔහුද නින්දෙන් අවදී විමත් සමග මෙම කුලි මිනිමරන්නන් හා ප්‍රධාන සැකකරු පලා ගොස් ඇති බව පැවසේ.
ඒ සමග අදාල ඥාතියා මහ හඩින් කෑගැසිමත් සමග අසල්වාසින් විසින් කඩිනමින් නිවසට පැමිණ දරුණු තුවාල ලබා සිටි ගොවියා කඩිනමින් ආණමඩුව රෝහලට රැගෙන ගොස් ඇති අතර, ආණමඩුව රෝහලින් හලාවත මහ රෝහලට යවා ඉන් පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවිමට කටයුතු කර ඇත.
මේ වන විට සිද්දියට මුහුණ දුන් ගොවියා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටී .
ඒ වන විටත් වැලිමඩ ප්‍රදේශයට ගොස් සිටි බිරිද පිළිබදව සැක සිති කළ පරික්ෂණ වලින් අනුව සිද්දියට සම්බන්ධ ගොවියාගේ හොදම මිතුරා අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කිරීමෙන් දිනකට පසු සිද්දියේ සුළ මුල සොයා ගැනිමට හැකිව තිබේ.
ඒ අනුව මෙම කුලි මිනිමරන්නන් ලෙස කොන්ත්‍රාත්තුව ලබා ගත් මිගමුව පදිංචි කරුවන් දෙදෙනා ව්‍යාජ නම් දෙකකින් රාගම මහ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි අත් අඩංගුවට ගැනිමට පරික්ෂණ පැවැත්වු පොලිස් කණ්ඩායම් සමත්ව තිබුණි.
ඒ සමගම ගොවියාගේ බිරිද වැලිමඩ ප්‍රදේශයෙන් අත් අඩංගුවට ගෙන තිබු අතර මෙම ගොවියාගේ ගෙල කපා දැමිමට යොදා ගත් කඩු හා පිහි පාලියාම නැබඩ වැවට විසිකර තිබියදි සොයා ගෙන තිබේ.